![]() |
![]() |
බමුණුගම “ඉස්කෝලේ වත්ත” නමින් වර්තමානයේ හඳුන්වන ලද ඉඩමෙහි පිහිටි පෞද්ගලික නිවසක ආරම්භ කර පවත්වාගෙන යනු ලැබූ මෙම පාසලෙහි මුල්ම විදුහල්පතිතුමා වශයෙන් කටයුතු කරනු ලැබූයේ කේ.ජී. කුලසිංහ ආරච්චි මහතාය. පාසල ආරම්භ වී තුන් මසක් ගත වන විට එක් ගොඩනැගිල්ලක් පමණක් පැවතී විද්‍යාලයේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 102ක් පමණ විය.
“ඉස්කෝල වත්තේ ආරම්භ කළ පාසල වර්ෂ 1917 මාර්තු මස 01වන දින සිට ආණ්ඩුවේ මිශ්‍ර පාඨශාලාවක් බවට පත් විය. පාසල පවත්වාගෙන යාමට ස්ථිර ස්ථානයක අවශ්‍යතාවය වැඩි වත්ම බමුණුගම “අලුත්වත්තේ” පදිංචි එල්. ටී. ජී. කොරනේලිස් මහතා සිය “තමන්ගොඩ හේන” ඉඩම පාසලට පරිත්‍යාග කිරීමට කටයුතු කළේය.
